සිරිංගපාත ගොවිපල ආරම්භයේදී සිලෝන් ටී ප්ලාන්ටේෂන්ස් නම් ස්ටර්ලින් සමාගමට අයත් සමාගමක් විසින් කළමනාකරණය කරන ලද අතර පසුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පවරා ගන්නා ලදී. ඉන් අනතුරුව ජනතා වතු සංවර්ධන මණ්ඩලය සති කිහිපයක් මෙම ගොවිපළ කළමනාකරණය කළ අතර 1976 දී ගොවිපළ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට පවරා දෙන ලදී. සිරිංගපාත ගොවිපළේ මාවත්ත බෙදුම ඒකාබද්ධ ව්‍යාපෘතියක් සඳහා සීමාසහිත ශ්‍රී ලංකා/ලිබියා කෘෂිකාර්මික හා පශු සම්පත් සංවර්ධන සමාගම වෙත ලබා දෙන ලදී..
මෙම කලාපවල පස හොඳින් වර්ධනය වූ ලැටරයිට් සහ ඒවායේ ජලාපවහන ආශ්‍රිතව ඇති රතු කහ පොඩ්සොලික් පස් වර්ගය ලෙස වර්ගීකරණය කර ඇත. පසෙහි ආම්ලිකතාවය සාමාන්‍ය මට්ටමේ සිට වැඩි අගයක් දක්වා වෙනස් වන අතර වර්ෂාපතනය වැඩි වීමත් සමඟ අම්ලිකතාව වැඩි වීමට ප්‍රවණතාවයක් ඇත. කාබනික ද්‍රව්‍ය සහ නයිට්රජන් ප්‍රමාණය අඩු මට්ටමේ සිට මධ්‍යම මට්ටම දක්වා වෙනස් වේ. මෙම පසෙහි පොස්පරස් සහ පොටෑසියම් ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩු වන අතර මව් පාෂාණ පොටෑෂ් ෆෙල්ඩ්ස්පාර් බහුල වන විට පොටෑසියම් තත්ත්වය තරමක් යහපත් වේ. මෙම පසෙහි කැල්සියම් සහ මැග්නීසියම් සැපයුම තරමක් අඩු නමුත් මෙය වැවිලි භෝග වලට බරපතල ලෙස බලපාන්නේ නැත. පළතුරු බෝග සහ එළවළු සඳහා මෙම මූලද්‍රව්‍ය හුණුගල් ආකාරයෙන් පසට යෙදීම අවශ්‍ය වේ. මෙම පසෙහි ඇති හොඳ කැටායන හුවමාරු ධාරිතාව හේතුවෙන් මෙම කලාපයට ලැබෙන අධික වර්ෂාපතනය යටතේ වුවද රසායනික පොහොර හොද මට්ටමකින් රඳවා තබා ගැනීමට හැකි වේ. ගැඹුර, වයනය සහ ජලා වහනය සාමාන්‍යයෙන් හොඳ මට්ටමක ඇත. කෙසේ වෙතත්, ලැටරයිට් නිරාවරණයවූ විට එහි ප්‍රතිඵලයක් ලෙස පස දැඩි වී ඇති අතර එවිට , මුල් විනිවිද යාම සහ ජලය කාන්දු වීම බෙහෝ විට සීමාසහිත වේ. මෙම පසෙහි අනුකූලතාවයක් ඇති අතර එබැවින් ඉතා පුළුල් පරාසයක තෙතමන තත්වයන් යටතේ වැඩ කළ හැක. බෑවුම් සහිත ප්‍රදේශ වල හැර පාංශු ඛාදනය බරපතල ගැටළුවක් නොවේ. මෙම ප්‍රදේශයට වැසිදින 60 සිට 114 දක්වා ලැබෙන අතර ආසන්න වශයෙන් 1200mm වර්ෂාපතනයක් ලැබේ. අද්‍රතාවය 65% සිට 75% දක්වා වෙනස් වේ.